මාවනැල්ල අල් හික්මා කනිෂ්ඨ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට - රුපියල් මිලියන 28ක වියදමින්

මාවනැල්ල දනගම අල් හික්මා කනිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල පරිසර අමාත්‍ය සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි.
ආචාර්ය මොහොමඩ් හසන් අලි මොහොමඩ් ජමාල්ඩීන් මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 28ක වියදමින් මෙම පහසුකම ඉදිකර ඇත. ආරාධිත අමුත්තන් පාසල් පිත්තල සංගීත කණ්ඩායම විසින් කැඳවාගෙන යාමෙන් පසු ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකයක් නිරාවරණය කරන ලදී.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, මාවනැල්ල ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජීවන් හරිශ්චන්ද්‍ර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් ජයකොඩි සහ විදුහල්පති නිසා මොහොමඩ් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.