FindAllNews.lkbeta

වියාචනය

යන්ත්‍ර බුද්ධිය මගින් ජනනය කරන ලද සාරාංශ සහ පරිවර්තන

FindAllNews.lk ප්‍රවෘත්ති වාර්තා සාරාංශ කිරීමට සහ සිංහල මෙන්ම දෙමළ භාෂාවලින් ඇති වාර්තා ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසියෙන් එම භාෂාවලටත් පරිවර්තනය කිරීම සඳහා විශාල භාෂා ආකෘති (large language models) මත පදනම් වූ යන්ත්‍ර බුද්ධිය (machine intelligence) භාවිතා කරයි. ප්‍රවෘත්ති සාරාංශවල සහ දේශීය භාෂාවලින් කෙරෙන අන්තර්ගත පරිවර්තනවල නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම සඳහා, Verité Intelligence ආයතනය විසින් ඉතා ප්‍රවේශමෙන් සංවර්ධනය කරන ලද සහ කේතනය කරන ලද දත්ත සහ වැඩිදියුණු කිරීම් මගින් මෙම ආකෘති මෙහෙයවනු ලබයි. එසේ වුවද, ඒවා මගින් නිපදවන අන්තර්ගතය තුළ අතපසු වූ තොරතුරු, තොරතුරුවල වැරදි අර්ථකථන, සංඛ්‍යාත්මක සාවද්‍යතා හෝ පරිවර්තන දෝෂ ඇතුළු වැරදි තවදුරටත් අඩංගු විය හැක. යන්ත්‍ර බුද්ධිය මගින් ජනනය කරන ලද අන්තර්ගතය තුළට මුල් වාර්තාවල නොමැති ප්‍රකාශ ඇතුළු තොරතුරු නොදැනුවත්වම එකතු වීමටද ඉඩ ඇත.

FindAllNews.lk හි ඉදිරිපත් කර ඇති තොරතුරු ලබා දී ඇත්තේ හුදෙක් සාමාන්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණු සඳහා පමණි. මෙම තොරතුරුවල නිරවද්‍යතාව සහ සම්පූර්ණත්වය පිළිබඳව FindAllNews.lk සහතික නොවන අතර, එම තොරතුරු මත යැපීම/විශ්වාසය තැබීම පාඨකයාගේම අවදානම මත සිදු කළ යුත්තකි. එබැවින්, මෙම වේදිකාවේ (platform) ඇති අන්තර්ගතය මත තබන යම් විශ්වාසයක් හේතුවෙන් පැන නගින සියලුම බැඳීම් සහ වගකීම් FindAllNews.lk විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. සාරාංශ අසලින්ම සබැඳි කර ඇති (link කර ඇති) මුල් ප්‍රවෘත්ති වාර්තා වෙත යොමු වීමෙන් වැදගත් තොරතුරු තහවුරු කර ගන්නා ලෙස අපි පාඨකයන්ව දිරිමත් කරමු. යන්ත්‍ර බුද්ධිය මගින් ජනනය කරන ලද සාරාංශ සහ පරිවර්තන සපයා ඇත්තේ කරුණු අවබෝධ කර ගැනීම සඳහා වන ආධාරක ලෙස පමණක් වන අතර, ඒවා කිසිවිටෙකත් මුල් ප්‍රවෘත්ති වාර්තාවලට ආදේශක ලෙස නොසැලකිය යුතුය.

තුන්වන පාර්ශ්වයේ අන්තර්ගතයන්

තෝරාගත් ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන මගින් පළ කරන ලද ප්‍රවෘත්ති ලිපි, සිරස්තල සහ පින්තූරවල අයිතියක් හෝ පාලනයක් FindAllNews.lk සතුව නොමැත. මුල් ප්‍රවෘත්තිවල අන්තර්ගතය පිළිබඳ වගකීම අදාළ ප්‍රවෘත්ති ආයතන සතු වේ. FindAllNews.lk මගින් මුල් පුවත් වාර්තා වෙත සබැඳි (links) සපයන අතර, වෙනත් ප්‍රවෘත්ති ආයතනවල සම්පූර්ණ ලිපි මෙහි පළ කරන්නේ නැත. FindAllNews.lk හි ඇති අන්තර්ගතයන් මගින් FindAllNews.lk හෝ Verité Research ආයතනයේ මතය හෝ එම පුවත් අනුමත කිරීමක් කිසිසේත් පිළිබිඹු නොකෙරේ.

FindAllNews.lk හි මුල් වෙබ් අඩවි වෙත සබැඳි (links) අඩංගු වුවද, එම වෙබ් අඩවිවල අන්තර්ගතය, තොරතුරු ලබාගත හැකි බව (availability) සහ පුද්ගලිකත්ව ප්‍රතිපත්ති (privacy practices) සම්බන්ධයෙන් මෙන්ම, එම වෙබ් අඩවි මගින් පුද්ගලික දත්ත රැස්කිරීම සහ පුද්ගලික තොරතුරු භාවිත කිරීම සම්බන්ධයෙන්ද FindAllNews.lk හෝ Verité Research ආයතනය කිසිදු වගකීමක් දරන්නේ නැත.

ප්‍රවෘත්ති ආවරණය සහ ශ්‍රේණිගත කිරීම්

FindAllNews.lk හි ඇති "වැඩිපුරම වාර්තා වූ" (Most reported) වැනි ශ්‍රේණිගත කිරීම් මගින් පෙන්නුම් කරන්නේ, නිරීක්ෂණය කරන ලද මාධ්‍ය ආයතන 20 න් කීයක් යම් පුවතක් ආවරණය කර ඇත්ද යන්න වන අතර, එබැවින් එයින් අදාළ පුවතක් කෙතරම් පුළුල් ලෙස වාර්තා වී ඇත්ද යන්න දක්වයි. අදාළ පුවතේ වැදගත්කම හෝ නිරවද්‍යතාවය ඉන් අදහස් නොවේ. මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ අප විසින් නිරීක්ෂණය කරනු ලබන මාධ්‍ය ආයතන 20 මත පමණක් වන අතර එය එම ආයතනවලට පමණක් සීමා වේ.

වැඩි විස්තර සඳහා, කරුණාකර FindAllNews@veriteresearch.org. හරහා වෙරිටේ ඉන්ටෙලිජන්ස් කණ්ඩායම (Verité Intelligence team) සම්බන්ධ කරගන්න.

අප අමතන්න