FindAllNews.lkbeta

අප ගැන

ශ්‍රී ලංකාවේ පුවත් එකම තැනකින්

FindAllNews.lk හරහා මාධ්‍ය ආයතන 20 කින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනෙන්ම (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි) පලවන පුවත් එකම තැනකට ගෙන එනු ලබයි. එකම සිදුවීමක් පිළිබඳව පලවන වාර්තා එකට ගොනු කර ඇති බැවින්, ඔබට පුවත් කියවීම මෙන්ම විවිධ මාධ්‍ය ආයතන සහ භාෂා හරහා එම පුවත් ආවරණය කර ඇති ආකාරය සංසන්දනය කිරීම වඩාත් පහසු කරයි.

ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කළ භාෂාව කුමක් වුවත්, පරිශීලකයින්ට තමන් කැමති භාෂාවකින් (සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි) පුවත් සිරස්තල සහ සාරාංශ කියවීමට මෙම වේදිකාව මගින් අවස්ථාව සලසා ඇත.

එය ක්‍රියාත්මක වන ආකාරය

  1. අපි තොරතුරු එක්රැස් කරමු

    ඉංග්‍රීසි, සිංහල සහ දමිළ භාෂාවලින් පවත්වාගෙන යන මාධ්‍ය ආයතන 20 කින් ප්‍රවෘත්ති වාර්තා කලින් කලට එක්රැස් කරන අතර, එකම සිදුවීම ආවරණය කරන ප්‍රවෘත්ති එක් පුවතක් ලෙස ගොනු කරනු ලැබේ.

  2. අපි ශ්‍රේණිගත කරමු

    අප විසින් නිරීක්ෂණය කරනු ලබන මාධ්‍ය ආයතන 20 හරහා යම් පුවතක් කෙතරම් පුළුල් ලෙස වාර්තා කර ඇත්ද යන්න මත පදනම්ව පුවත් ශ්‍රේණිගත කරනු ලැබේ. "වැඩිපුරම වාර්තා වූ" (Most reported) වැනි ශ්‍රේණිගත කිරීම්වලින් පෙන්නුම් කරන්නේ පුවතක් ආවරණය කරන ලද මාධ්‍ය ආයතන ගණන මිස එහි වැදගත්කම හෝ නිරවද්‍යතාවය නොවේ.

  3. අපි සාරාංශ කරමු

    ප්‍රවෘත්ති වාර්තාවල කෙටි සාරාංශ නිර්මාණය කිරීම සඳහා යන්ත්‍ර බුද්ධිය (Machine intelligence) භාවිතා කෙරේ.

  4. අපි පරිවර්තනය කරමු

    පුවත් සිරස්තල සහ සාරාංශ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා ගත හැකි අතර, එමගින් පරිශීලකයින්ට තමන් කැමති භාෂාවකින්, භාෂා තුනෙන්ම පළවන වාර්තාකරණයන් කියවීමට ඉඩ සලසයි.

  5. අපි සබැඳි (Links) ලබා දෙමු

    සෑම පුවතක්ම මුල් ප්‍රවෘත්ති වාර්තාවල සබැඳි සමඟින් පෙන්වන අතර, එමගින් පාඨකයින්ව මුල් ප්‍රකාශය වෙත යොමු කරන අතරම පරිශීලකයින්ට එහි මූලාශ්‍රයෙන්ම ප්‍රවෘත්තිය සෘජුවම කියවීමට අවස්ථාව ලබාදෙයි.

නිරීක්ෂණය කරන මාධ්‍ය

ඉංග්‍රීසි (9)
ඩේලි එෆ්.ටී., ඩේලි මිරර්, දි අයිලන්ඩ්, දි සන්ඩේ ටයිම්ස්, ඉකොනොමිනෙක්ස්ට්, නිවුස්ෆස්ට්, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සවර්, දි මෝර්නිං
සිංහල (6)
හිරු නිවුස්, ලංකාදීප, දිවයින, අද දෙරණ සිංහල, අරුණ, දිනමිණ
දෙමළ (5)
වීරකේසරී, ටැමිල් මිරර්, තමිලන්, ලංකාශ්‍රී, තිනකරන්

අපි කවුද?

FindAllNews.lk බලගන්වනු ලබන්නේ වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ කෘත්‍රිම බුද්ධි (AI) පර්යේෂණ සහ සංවර්ධන අංශය වන වෙරිටේ ඉන්ටෙලිජන්ස් (Verité Intelligence) විසිනි.

වෙරිටේ රිසර්ච් යනු ආර්ථික විද්‍යාව, නීතිය සහ යහපාලනය, මාධ්‍ය සහ දේශපාලනය යන අංශ හරහා අන්තර් විනය පර්යේෂණ සහ දැනුම බෙදාගැනීමේ වේදිකාවන් නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාධීන බුද්ධි මණ්ඩපයයි (think tank).

ඔබට ගැටළුවක් ඇත්නම් හෝ අප සමග වැඩ කිරීමට අවශ්‍ය නම් කරුණාකර FindAllNews@veriteresearch.org. හරහා වෙරිටේ ඉන්ටෙලිජන්ස් කණ්ඩායම සම්බන්ධ කරගන්න.