බ්‍රිතාන්‍යයට විදේශීය සිසුන්ගේ අයදුම්පත් සියයට 20කින් අඩුවේ

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීම සඳහා විදේශීය සිසුන්ගේ අයදුම්පත් 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සියයට 20කින් පහත වැටී 349,900ක් වී ඇති බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාල දත්ත පෙන්වා දෙයි. 2025 එම කාලය තුළ අයදුම්පත් 435,000ක් විය.
2026 ඔක්තෝබර් මාසයේ පමණක් අයදුම්පත් වසරින් වසර සියයට 31කින් පහත වැටී 5,800ක් වී ඇති අතර, 2025 ඔක්තෝබර් මාසයේදී එය 8,400ක් ලෙස වාර්තා විය.
මෙම පහත වැටීම බ්‍රිතාන්‍යය විසින් විදේශීය සිසුන් සඳහා පනවා ඇති සීමා කිරීම්වල ප්‍රතිඵලයකි. 2028 අගෝස්තු මාසයේ සිට තවත් සීමා කිරීම් පැනවීමට නියමිත බැවින් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතන කනස්සල්ල පළ කර ඇත.