මාර/මාලිදුව කණිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 37ක් ඇගයීමට ලක් කෙරේ

අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් මාර/මාලිදුව කණිෂ්ඨ විද්‍යාලයේ 2026 වසරේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන් 37 දෙනෙකු ඇගයීමේ උත්සවයක් නොවැම්බර් 2 වැනිදා පැවැත්විණි.
විදුහල්පති ඩී.එන්. පරණගම මහතාගේ මගපෙන්වීම යටතේ පන්ති භාර ගුරු මහත්මීන් වන එච්.කේ.ටී. ප්‍රියංගනී, කේ.එච්.එච්.ඩී. සඳමාලි සහ එස්.ජී.ටී.අයි. කාවින්දි යන මහත්මීන් මෙන්ම කාර්යාල කාර්ය මණ්ඩලයද මෙම ජයග්‍රහණයට දායක වී ඇත.
පාසල් ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී දිනමිණ ප්‍රාදේශීය වාර්තාකරු සුමිත් ගුණවර්ධන මහතා විසින් පාසල් පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කරන ලදී. අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සමන් කුමාර සූරවීර මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.