සමස්ත ලංකා සංගීත තරගාවලිය 2026 දී තල්ගම්පොල ශ්‍රී ධර්මාලංකාර විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගනී

කොළඹ කේරි විද්‍යාලයේදී පැවති සමස්ත ලංකා සංගීත තරගාවලිය 2026 දී තල්ගම්පොල ග/ ශ්‍රී ධර්මාලංකාර විද්‍යාලයේ ගායන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.
විදුහල්පතිනි ශෂිකා දිල්රුක්ෂි මහත්මියගේ සහ සංගීත ගුරු අනූෂ්කා මධුභාෂිණී මහත්මියගේ මගපෙන්වීම යටතේ පාසල සමූහ ගායනා (ගැහැණු) විවෘත ජන ගී කුවේණි අස්න කාණ්ඩයෙන් ජයග්‍රහණය කළේය.
ගුරු තරිඳු සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් වාද්‍ය කණ්ඩායමක් මෙම ඉදිරිපත් කිරීමට සහාය වූ අතර, එහිදී මතීෂා හසරෙල්, සදෙව් සහන්සිළු, දෙව්නා මන්මිත්, නදුන් තික්ෂණ සහ රන්දීප ලක්ෂාන් යන සිසුන් දායක විය.