හැකර්වරුන් කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිට දත්ත ලබා ගැනීමෙන් පසු FIFA වෙත සයිබර් ප්‍රහාරයක්
හැකර්වරුන් කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිට පුද්ගලික සහ ව්‍යාපාරික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වීමෙන් FIFA ආයතනයට සාපරාධී සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම හැක් කිරීමෙන් FIFA හි දත්තවලින් 0.1% කටත් වඩා අඩු ප්‍රමාණයක් අනවසරයෙන් ලබාගෙන ඇති අතර FIFA ෆෝවර්ඩ් එන්ටර්ප්‍රයිස් යෝජනාවට අදාළ ලේඛන ඊට ඇතුළත් වී නොමැත. පද්ධති හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම කඩවීම සිදු නොවූ බව FIFA ප්‍රකාශ කළේය.
හැන්ඩ්සම් බෝයි හැකින් ක්ලබ් (Handsome Boy Hacking Club) නම් කණ්ඩායමක් X හි FIFA ඩෙස්ක්ටොප් තිරපිටපත් පළ කරමින් වගකීම භාරගත් බව පෙනී ගියේය. FIFA ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අනෙකුත් බලධාරීන් සමඟ කටයුතු කරන බවයි.