ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නැගී එන කුසලානය දිනයි; ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් තරගයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බදාදා අජ්මාන්හිදී පැවති ICC කාන්තා නැගී එන කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර, අයර්ලන්තයට එරෙහිව කඩුලු 6ක ජයක් සමඟින් අපරාජිතව තරගාවලිය නිමා කළේය.
දිනකට පසුව දෝහාහිදී, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 318ක ඉලක්කයක් කඩුලු 8ක් සහ පන්දු 51ක් ඉතිරිව තිබියදී හඹා ගොස් ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.