ජාතික ක්‍රීඩා උළෙලේ රග්බි රන් පදක්කම් මධ්‍යම සහ දකුණු පළාත්වලට

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති 50 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා රග්බි රන් පදක්කම් පිළිවෙළින් මධ්‍යම පළාත සහ දකුණු පළාත දිනා ගත්හ.
පිරිමි අවසන් මහා තරගයේදී මධ්‍යම පළාත බස්නාහිර පළාත 24-10ක් ලෙස පරාජය කළ අතර, දකුණු පළාත උතුරු මැද පළාත 34-0ක් ලෙස පරාජය කර තෙවැනි ස්ථානය දිනා ගත්තේය. මධ්‍යම පළාතේ පී.එච්.ටී.එම්. හෙට්ටිආරච්චි තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.
කාන්තා රන් පදක්කම දකුණු පළාත බස්නාහිර පළාත 24-7ක් ලෙස පරාජය කරමින් දිනා ගත්තේය. වයඹ පළාත මධ්‍යම පළාත 27-0ක් ලෙස පරාජය කර තෙවැනි ස්ථානයට පත් වූ අතර, දකුණු පළාතේ කේ.පී. දිල්කි ප්‍රසංජලී සත්සරණී වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.
පළාත් අටක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180ක් පමණ මෙම තරගාවලියට සහභාගී වූහ.