ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් 2026 පළාත් කණ්ඩායම් පහක් සමඟින් ඇරඹේ

ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් 2026 තරගාවලිය නොවැම්බර් 26 වැනිදා ආරම්භ වූ අතර, ඊට පළාත් කණ්ඩායම් පහක් වන කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර සහභාගී වේ.
සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (ප්‍රීමා සමූහය ශ්‍රී ලංකා) 2007 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ නිල හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, 19 වැනි වරටත් මෙම තරගාවලියට අනුග්‍රහය දක්වයි.
තරග කොළඹ ක්‍රිකට් සමාජය (MCA), කොළඹ විශ්වවිද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වේ.
අවසන් පූර්ව තරග දෙසැම්බර් 3 වැනිදාටත්, අවසන් මහා තරගය දෙසැම්බර් 5 වැනිදාටත් කොළඹ ක්‍රිකට් සමාජය (MCA) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.