හෙල්ප් අ චයිල්ඩ් ඉන් ශ්‍රී ලංකා සංවිධානයෙන් වැලිමඩ පාසලකට රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

හෙල්ප් අ චයිල්ඩ් ඉන් ශ්‍රී ලංකා සංවිධානය මගින් වැලිමඩ ගිරඹ කේමානන්ද විද්‍යාලයට රුපියල් මිලියනයක් වටිනා භාණ්ඩ තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාගයට පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය මෙන්ම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා ඇඳුම් ද ඇතුළත් විය.
හෙල්ප් අ චයිල්ඩ් ඉන් ශ්‍රී ලංකා සංවිධානයේ ආචාර්ය සනත් පොතුපිටිය මහතාගේ දායකත්වයෙන් පැවති මෙම වැඩසටහනට පෞද්ගලික ආයතන ද දායක විය.