ඥානසාර හිමිට සිව් වසරක සිර දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කෙරේ

ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබූ සිව් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම නොවැම්බර් 18 වැනිදා අභියාචනාධිකරණය විසින් ස්ථිර කරන ලදී.
ඥානසාර හිමි විසින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභ කරන ලදී. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු පී. කුමරන් රත්නම් මහතා ප්‍රකාශ කළේ කොළඹ මහාධිකරණය හමුවේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.
කුරගල විහාරය සම්බන්ධයෙන් 2016 මාර්තු 30 වැනිදා කිරුළපන පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශ මගින් ජාතීන් හා ආගම් අතර සමගියට හානි කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.