හිරුකි ද සිල්වා 2026 බීජිං ලෝක පිහිනුම් ශූරතාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික වාර්තා හිමි හිරුකි ද සිල්වා චීනයේ බීජිං හිදී පැවැත්වෙන 2026 ලෝක පිහිනුම් ශූරතාවලියේ (මීටර් 25) කාන්තා මීටර් 100 සහ මීටර් 200 නිදහස් ආර ඉසව් සඳහා තරග කරනු ඇත.
වයස අවුරුදු 21ක් වන ඇය මීටර් 200 නිදහස් ආර ඉසව්ව තත්පර 2යි දශම 3.96කින් නිම කරමින් ලෝක පිහිනුම් ලකුණු 687ක් ලබාගෙන ජාතික තේරීම් තරගාවලියේ පෙරමුණ ගත්තාය.