දිළිඳුකම හා මන්දපෝෂණය ඉහළ යද්දී මෙරට දරුවන්ට සහාය වීමට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක්

ලෝක බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ දිළිඳුකම 2019 දී 11.3% සිට 2025 දී 24.5% දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, එය ළමා සෞඛ්‍ය සේවා සහ පැවැත්ම පිළිබඳ දශක ගණනාවක ප්‍රගතියට තර්ජනයක් වී තිබේ.
2025 වසරේ දී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දරුවන් 275,000 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර, එම වසරේ පැවති ජාතික පෝෂණ මාසයේ දී වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් අවම වශයෙන් එක් වර්ධනයට අදාළ ගැටලුවකට මුහුණ දී ඇති බව සොයා ගන්නා ලදී.
මෙම බලපෑම් වැඩි වශයෙන් වැලඳී ඇත්තේ වතුකරයේ දරුවන්ට, ආපදා තත්ත්වයන්ට ලක් වූ ප්‍රදේශවල දරුවන්ට සහ ආබාධ සහිත දරුවන්ට ය. රජයේ සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ ප්‍රයත්නයන්ට සහාය වන ලෙසත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂය මාලාව සඳහා ආයෝජනය කරන ලෙසත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.