සඳුදා පැවැත්වෙන රටපුරා වෘත්තීය සමිති වැඩවර්ජනයට GMOA එක්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නොවැම්බර් 30 වන සඳුදා දියත් කිරීමට නියමිත රටපුරා වෘත්තීය සමිති වැඩවර්ජනයට එක්වීමට තීරණය කර තිබේ.
එම වැඩවර්ජනයට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නොවැම්බර් 27 වන දින උදෑසන පැවති විශේෂ විධායක කමිටු රැස්වීමකින් පසුව සංගමය මෙම තීරණය ගෙන ඇත.