හේමාස් වතුපිටිවල රෝහලෙන් මෙරට ප්‍රථම පෞද්ගලික අංශයේ ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම හේමාස් වතුපිටිවල රෝහල විසින් සිදුකර ඇත.
මහාචාර්ය මෙරන්ති ප්‍රනාන්දු සහ මහාචාර්ය රෝහන් සිරිවර්ධන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සැත්කමට සහභාගී විය.
හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ලකිත් පීරිස් මහතා මෙම සැත්කම මෙරට සෞඛ්‍ය සේවා අංශයට වැදගත් සන්ධිස්ථානයක් ලෙස විස්තර කළේය.
සංකීර්ණ සැත්කම් දේශීයව ලබා දීමෙන් ප්‍රතිකාර සඳහා විදේශගත වීමේ අවශ්‍යතාවය ඉවත් වන බවත්, එමගින් පවුල්වලට ඇතිවන මූල්‍යමය හා මානසික පීඩනය ලිහිල් වන බවත් රෝහල ප්‍රකාශ කළේය.