ඇමරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලට එරෙහි සහතිකයක් නොමැතිව ඇමරිකානු ගිවිසුම ඉරානය ප්‍රතික්ෂේප කරයි

වත්මන් ගැටුම හෝ පවතින සීමාවන් අවසන් කිරීම සඳහා පමණක් එක්සත් ජනපදය සමඟ කිසිදු ගිවිසුමකට එළඹීමට ඉරානය සූදානම් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි 2026 නොවැම්බර් 21 දින ප්‍රකාශ කළේය.
විදේශ මාධ්‍ය අමතමින් අරග්චි අවධාරණය කළේ දෙපාර්ශවය අතර ඇතිවන ඕනෑම ගිවිසුමක් මගින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන ප්‍රහාර නැවත සිදු නොවන බවට සහතිකයක් ලබා දිය යුතු බවයි.