යේමනයේ සෞදි සන්ධාන ගුවන් ප්‍රහාරවලින් 41ක් මරුට: හූති

සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා සන්ධානයක් යේමනයේ රතු මුහුදේ පිහිටි හොඩෙයිඩා වරාය නගරය ඇතුළු ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර විශේෂ මෙහෙයුමක් ලෙස සන්ධානය විසින් හඳුන්වා දී ඇත.
පැය 24ක කාලයක් තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 41 දෙනෙකු මියගිය බව හූති කැරලිකරුවන් තහවුරු කළේය. විදේශ මාධ්‍ය වාර්තා කළේ මියගිය අය අතර ළමුන් 11 දෙනෙකු සහ කාන්තාවන් හත් දෙනෙකු ද සිටින බවයි.