රුපියල් බිලියන 4ක ලාභාංශ වංචාවක් සම්බන්ධයෙන් සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලාභාංශ ගෙවන බවට පොරොන්දු වී ආයෝජකයින් 2,000කට ආසන්න පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු නොවැම්බර් 20 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් එම සමාගම්වල අධ්‍යක්ෂවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සමාගම් මහනුවර සහ කොහුවල පිහිටා ඇත.
මෙම සමාගම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 80ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරුවන් නොවැම්බර් 21 වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.