ලක් සූපවේදීන්ගේ සංසද කණ්ඩායම ලක්සම්බර්ග් සූපවේදී ලෝක කුසලානයට පිටත්ව යයි

ලක්සම්බර්ග්හි පැවැත්වෙන 2026 සූපවේදී ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදයේ සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 18 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගියේය.
මෙම කණ්ඩායම දිවයින පුරා තරු පන්තියේ හෝටල්වල සේවය කරන සූපවේදීන්ගෙන් සමන්විත වේ.
ලෝක සූපවේදී සංගම් සම්මේලනය විසින් සිව් වසරකට වරක් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය නොවැම්බර් 20 සිට 27 දක්වා කාණ්ඩ අටක් යටතේ පැවැත්වීමට නියමිතය. රටවල් 80ක් නියෝජනය කරමින් සූපවේදීන් 4,000ක් පමණ සහභාගී වීමට අපේක්ෂා කෙරේ.