ෆ්ලෝරා ටිෂූස් සහ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ‘නොකියූ වදන් පවුර’ විවෘත කරති

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ෆ්ලෝරා ටිෂූස් සහ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එක්ව “නොකියූ වදන් පවුර” කොළඹ සිටි සෙන්ටර් හිදී විවෘත කළහ.
ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය විසින් මෙහෙයවනු ලබන මෙම දිනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබේ. මෙම ක්‍රියාකාරී අවකාශය තුළ, අමුත්තන්ට කඩදාසි තුවා මත ලිවීමට ආරාධනා කරන ලදී.