පාසල්වල බාලදක්ෂිකා ව්‍යාපාරය ශක්තිමත් කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ලෝක බාලදක්ෂිකා සහ බාලදක්ෂ සංගමයේ ආසියා පැසිෆික් කලාපීය නියෝජිතයින් හමුවිය. නායකත්වය, විනය සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල්වල මෙම ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
මෙම හමුව පැවැත්වුණේ නොවැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සමඟ ආසියා පැසිෆික් කලාපීය වර්ධන හුවමාරු වැඩමුළුව 2026 පැවැත්වීමෙන් පසුවය. මෙම අවස්ථාවට බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයෝ සහභාගී වූහ.
සාකච්ඡා මූලිකවම අවධානය යොමු කළේ අධ්‍යාපනය, පවුල් සහ සමාජය තුළ ගැහැණු ළමයින්ට සමාන අවස්ථා සහ නායකත්වය සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන බාධක විසඳීම කෙරෙහිය. ව්‍යාපාරය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා අඛණ්ඩ සහයෝගීතාව දිරිමත් කරන බව ආචාර්ය අමරසූරිය මහත්මිය පැවසුවාය. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.