“දිට්වා” සුළි කුණාටුවෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක්

“දිට්වා” සුළි කුණාටුවෙන් මියගිය අය සිහිපත් කරමින් 2026 නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
2025 නොවැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවට දකුණින් වූ අඩු පීඩන පද්ධතියකින් හටගත් මෙම සුළි කුණාටුව, පැය 24ක් තුළ මිලිමීටර 540ක් දක්වා වූ වර්ෂාපතනයක් සමඟින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 22කට දැඩි ලෙස බලපෑවේය.
තද වැසි, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්ග යටිතල පහසුකම්, නිවාස සහ වගා බිම් විනාශ වූ අතර, 650කට අධික පිරිසක් මියගොස් 173ක් පමණ අතුරුදහන් විය.