ත්‍රිකුණාමලය වරායේ තෙල් කාන්දුවක් පිරිසිදු කිරීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගනී

නොවැම්බර් 28 වැනිදා පෙරවරු 7:30ට පමණ ත්‍රිකුණාමලය වරායේ බූම් කෝව් ප්‍රදේශයේ සිදුවූ සුළු තෙල් කාන්දුවක් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත් කර ඇත.
මීටර හතක් පමණ දිගින් සහ මීටර දෙකක් පමණ පළලින් යුත් තෙල් තට්ටුවක් ඉවත් කිරීම සඳහා වෙරළාරක්ෂක කණ්ඩායමක සාමාජිකයින් හය දෙනෙකු යොදවා තිබේ.
මෙම පිරිසිදු කිරීමේ කටයුතු අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, තෙල් පැතිරීම පාලනය කිරීමට සහ සමුද්‍ර පරිසරයට සිදුවන හානිය අවම කිරීමට අවශෝෂක ද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් සිදු කරන ලදී.