ගිනිගත්හේන ප්‍රදේශයේදී බස් රථයකට ගලක් කඩා වැටීමෙන් මගියෙක් මරුට, දෙදෙනෙකුට තුවාල

නොවැම්බර් 28 වැනිදා ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ අසලදී කන්දකින් කඩා වැටුණු ගලක් හේතුවෙන් හැටන් සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක මගියෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
හැටන් ඩිපෝවට අයත් බස් රථයට බරපතල හානි සිදුවී ඇත. බොහෝ පුවත්පත් මියගිය පුද්ගලයා අගරපතන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මුත්තන් සුදර්ශන් ලෙස හඳුනාගෙන ඇති අතර, දෙමළ මිරර් පුවත්පත ඔහු අක්කරපතන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එන්. සුදර්ශන් ලෙස හඳුනාගෙන ඇත.
තුවාල ලැබූවන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, දෙමළ මිරර් පුවත්පත වාර්තා කළේ 49 හැවිරිදි වසන්තා ගෞරි බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබන බවයි.
පොල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගල කඩා වැටෙන්නට ඇතැයි සැක කරයි.