මීගමුව ක්‍රිස්තු රාජ විද්‍යාලයේ රුපියල් මිලියන 50.5 ක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ඇරඹේ

මීගමුව, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ විද්‍යාලයේ නවීන පහසුකම්වලින් සමන්විත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 50.5 ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් ම අරමුදල් සපයන අතර, මීගමුව මහ නගර සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අදහස් දැක්වූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ, ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමටත්, ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමටත් පදනම වන බවයි.