තෙවන පාසල් වාරය දෙසැම්බර් 4 වැනිදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

2026 වසරේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය දෙසැම්බර් 4 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
2027 වසර සඳහා නව පාසල් වාරය ජනවාරි 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන්ට සහ පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත්තේ වත්මන් වාරය සඳහා වන සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නියමිත කාලසටහන් අනුව බාධාවකින් තොරව සම්පූර්ණ කරන ලෙසයි.