නව ලන්ඩන් කෞතුකාගාරය මෙම සති අන්තයේ මහජනතාවට විවෘත කෙරේ

ලොව විශාලතම නාගරික කෞතුකාගාරය ලෙස පිළිගැනෙන නව ලන්ඩන් කෞතුකාගාරය, ඩොලර් මිලියන 570ක් හෙවත් පවුම් මිලියන 437ක් වැය කරමින් වසර 10ක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකින් පසුව මෙම සති අන්තයේ මහජනතාවට විවෘත කිරීමට නියමිතය.
1990 ගණන්වල වසා දැමුණු ලන්ඩනයේ ස්මිත්ෆීල්ඩ් ප්‍රදේශයේ 1883 දී ඉදිකරන ලද මස් වෙළඳපොළක් තුළ මෙය ඉදිකර ඇති අතර, මෙම ව්‍යාපෘතිය එහි මූලික ඇස්තමේන්තුගත පිරිවැය පවුම් මිලියන 100කින් පමණ ඉක්මවා ගිය බව වාර්තා වේ.
ප්‍රදර්ශන අතරට වික්ටෝරියා රැජිනගේ කළු ශෝක ඇඳුම, පළමුවන චාල්ස් රජුගේ මරණ දණ්ඩනයට ලක්වූ ඇඳුම සහ චාල්ස් ඩිකන්ස් නම් ලේඛකයා විසින් භාවිතා කරන ලදැයි විශ්වාස කරන සම් පුටුවක් ද ඇතුළත් වේ.
මෙම ස්ථානය තෝරාගත් දිනවල පැය 24 පුරා විවෘතව පවතින ආපනශාලා, සංස්කෘතික වැඩසටහන් සහ කෝපි කඩ පිරිනැමීමට සැලසුම් කරයි. තාවකාලික ප්‍රදර්ශන ශාලා සහ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඇතුළත් තවත් අංශයක් 2028 දී විවෘත කිරීමට නියමිතය.