රොමේන් අල්විස් මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් ඕල් ස්ටාර්ස් තරගයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි

2 වැනි මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් ඕල් ස්ටාර්ස් – 2026 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රොමේන් අල්විස් නොවැම්බර් 28 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපළින් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියාය.
මෙම තරගාවලියට සහභාගී විය හැක්කේ මීට පෙර ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගවලට සහභාගී වී ජයග්‍රහණ ලබා ඇති තරගකාරියන්ට පමණි. වෘත්තීය වශයෙන් නිරූපිකාවක්, නිළියක් සහ නිවේදිකාවක් ලෙස කටයුතු කරන අල්විස් ජාත්‍යන්තර කිරුළු කිහිපයක් දිනාගෙන ඇත.
මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයේ අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇයව පිටත් කර හැරීම සඳහා ගුවන්තොටුපළට පැමිණ සිටි අය අතර විය.