දෙමටගොඩ පොලිස් නිලධාරීන් 14ක් රෝහල් ගත කෙරේ

දෙමටගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 14 දෙනෙකු උණ සහ සමේ ආසාදනයක් හේතුවෙන් දින කිහිපයක් තිස්සේ හදිසියේ රෝගාතුර වීමෙන් පසු රෝහල් ගත කර ඇති බව කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
රෝගාතුර වූවන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් නව දෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සිටිති. නිලධාරීන් 14 දෙනාම මුලින් ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.
කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.