ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික නෞකාවක් දිවයිනට

මෙට්‍රික් ටොන් 3,000කට අධික ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බව ලාෆ් ගෑස් සමාගම නිවේදනය කරයි.
මෙම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අදියර කිහිපයක් යටතේ පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
අලෙවිසැල් වෙත යාමට පෙර බලයලත් අලෙවි නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමෙන් හෝ 1345 ඇමතීමෙන් ගෑස් තොග පවතින බවට තහවුරු කර ගන්නා ලෙස ද එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දෙයි.
මුල් වාර්තා කියවන්න
පුවත වර්ධනය වූ ආකාරය
- Eසිදෙසැම්බර් මාසයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 45,000ක LPG තොගයක් ඇණවුම් කළේය.
- සිමෙම පුවතලාෆ් ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 3,000ක ගෑස් තොගයක් ගොඩබෑම ආරම්භ කළ අතර පාරිභෝගිකයන්ට අදියර වශයෙන් බෙදාහැරීමට සැලසුම් කර ඇත.
- Eසිලාෆ්ස් ගෑස් සමාගම සිලින්ඩර බෙදාහැරීම් යළි ආරම්භ කිරීම සඳහා මෙට්‍රික් ටොන් 3,000ක ගෑස් තොගයක් පැමිණි බව නිවේදනය කළේය.
- Eලෝෆ්ස් සමාගම පාරිභෝගිකයන්ට සැපයීමට අපොහොසත් වුවහොත් අමතර ලිට්‍රෝ සිලින්ඩර 300,000ක් නිකුත් කරන බවට රජය තර්ජනය කළේය.