සංශෝධිත බුද්ධිමය දේපළ ගාස්තු නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම යෝජනාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් සකස් කරන ලද මෙම නියෝග මගින් සේවා ගාස්තු වත්මන් තත්ත්වයන්ට අනුකූලව සංශෝධනය කෙරේ. මෙම කාර්යාලයේ සේවා ගාස්තු අවසන් වරට සංශෝධනය කර ඇත්තේ 2019 ඔක්තෝබර් 27 වැනිදාය.
සංශෝධිත නියෝග 2026 ඔක්තෝබර් 06 වැනි දින අංක 2509/17 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලදී.