සාම බැලේ කණ්ඩායමේ 40 වැනි සංවත්සර උළෙලට අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වෙයි

සාම බැලේ කණ්ඩායමේ 40 වැනි සංවත්සරය සැමරීම සහ එහි ප්‍රවීණ කලාකරුවන් ඇගයීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “TRIBUTE TO LEGENDS” උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය.
එහිදී අදහස් දැක්වූ අමරසූරිය මහත්මිය කියා සිටියේ කලාත්මක සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා රජය පරිසරයක් නිර්මාණය කළ යුතු බවත්, සංවේදනය, සමගිය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී කලාවේ කාර්යභාරය අවධාරණය කළ යුතු බවත්ය.
සාම බැලේ පුරෝගාමී නවීන් ගුණරත්න, කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මූදියන්සේ දිසානායක සහ ආචාර්ය චන්න විජේවර්ධන ඇතුළු කලාකරුවන් ඇගයීම සඳහා අමරසූරිය මහත්මිය සම්මාන ප්‍රදානය කළාය. සාම බැලේ කණ්ඩායම 1985 වසරේදී ගුණරත්න මහතාගේ සංකල්පය මත ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කළේය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.