2027 අයවැය දෙවැනිවර කියවීම ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

සතියක විවාදයකින් අනතුරුව 2027 අයවැය දෙවැනිවර කියවීම නොවැම්බර් 20 වැනිදා ඡන්ද 97ක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත විය.
ප.ව. 6.50ට පැවති ඡන්ද විමසීමේදී 2027 විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 157ක් ලැබිණි. ඡන්ද විමසීමේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) විපක්ෂය සමඟ එක් විය.