විදේශයන්හි ලිංගික අපරාධවලට වරදකරුවන් වී මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක්

විදේශයන්හි ලිංගික අපරාධවලට වරදකරුවන් වී මෙරටට පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් හඳුනාගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා තිබේ.
නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී පැවති එහි අනු කමිටුව සමඟ පැවති ඒකාබද්ධ රැස්වීමකදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම පුද්ගලයන් සුදුසු නීතිමය හා අධීක්ෂණ යාන්ත්‍රණයන්ට යටත් කරන ලෙස කණ්ඩායම අවධාරණය කළේය.