BMICH හිදී පැවති වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී CINEC කැම්පස් සිසුන් 1,800කට අධික සංඛ්‍යාවක් උපාධි ලබති

CINEC කැම්පස් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය නොවැම්බර් 10 සහ 11 යන දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එහිදී පීඨ හතක් සහ එක් දෙපාර්තමේන්තුවක් හරහා සිසුන් 1,800කට අධික සංඛ්‍යාවක් උපාධි ලබා ගත්හ.
උපාධිධාරීන් ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර සහ කළමනාකරණය, පරිගණක විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, සමුද්‍රීය විද්‍යාව, නාවික ඉංජිනේරු විද්‍යාව, මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපනය, සහ ගුවන් යානා නඩත්තු ඉංජිනේරු විද්‍යාව ඇතුළු විෂය ක්ෂේත්‍ර නියෝජනය කළහ.
CINEC සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කැප්ටන් අජිත් පීරිස් සහ නියෝජ්‍ය සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරුන් එක්සත් රාජධානියේ සහ චීනයේ අනුබද්ධ විශ්වවිද්‍යාල නියෝජිතයින් සමඟ එක්ව මෙම උත්සවයේ මුලසුන දැරූහ.