හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වහාම රෝහල්ගත කරන ලෙස නීතිඥයා අධිකරණයෙන් ඉල්ලයි

හිටපු පාකිස්තාන අගමැති සහ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ ඉම්රාන් ඛාන් හට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් බරපතල සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දීමට සිදුවන බව ඔහුගේ ප්‍රධාන නීතිඥ සල්මාන් සෆ්දාර් මහතා පැවසීය.
මෑතකදී බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් පසු අධිකරණයෙන් පිටත මාධ්‍ය අමතමින් සෆ්දාර් මහතා කියා සිටියේ ඛාන් මහතාට මොළයේ රුධිර වහනයක් හෝ හෘදයාබාධයක් ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බවයි.
ඛාන් මහතාගේ සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබීගේ තත්ත්වය පිළිබඳව අධිකරණයට දැනුම් දුන් සෆ්දාර් මහතා, ඔවුන් වහාම රෝහල්ගත කරන ලෙසත්, ඔවුන් පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
බුෂ්රා බිබීගේ පෙනීම පිරිහීම සම්බන්ධයෙන් ද නීතිඥවරයා සිය කනස්සල්ල පළ කළේය.