යටිතල පහසුකම් වියදමට 15%ක් වනජීවී ආරක්ෂණයට - ඉන්දීය විශේෂඥයෙක් කියයි

ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල වියදමෙන් 15%ක් තරම් ප්‍රමාණයක් වනජීවී ආරක්ෂණය සඳහා වැයවිය හැකි බව ඉන්දීය අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු වන ආචාර්ය රමේෂ් කුමාර් පාණ්ඩේ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට අදහස් දක්වමින් පාණ්ඩේ මහතා කියා සිටියේ, සැලසුම් අවධියේදී පාරිසරික ආරක්ෂණ සඳහා ආයෝජනය කිරීම සංවර්ධනයේ දිගුකාලීන මූල්‍ය, පාරිසරික සහ මෙහෙයුම් අවදානම් සීමා කිරීමට උපකාරී වන බව ඉන්දියාවේ අත්දැකීම්වලින් පෙනී යන බවයි.