කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සාප්පු සවාරි යාමේ ගෝලීය අධ්‍යයනයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ - Apadmi පර්යේෂණ වාර්තාව
ඩිජිටල් නිෂ්පාදන උපදේශන ආයතනයක් වන Apadmi විසින් වෙළෙඳපොළ 11ක පාරිභෝගිකයන් 3,300ක් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන සාප්පු සවාරි ගෝලීය වශයෙන් භාවිත කිරීමේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් පෙරමුණේ සිටින බවයි.
මෙම අධ්‍යයනයට අනුව, මිලදී ගැනීමේ තීරණ සඳහා ශ්‍රී ලාංකිකයන්ගෙන් 71%ක් සතියකට වරක් හෝ කෘත්‍රිම බුද්ධි සහායකයන් භාවිත කරන අතර, ගෝලීය සාමාන්‍යය 45%කි. දෛනික භාවිතය 29%ක් වූ අතර එය ගෝලීය සාමාන්‍යය වන 13% මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
56%ක් කෘත්‍රිම බුද්ධියට මිල ගණන් සංසන්දනය කිරීමට සහ ගනුදෙනු සොයා ගැනීමට ඉඩ දෙන අතර, 6%ක් පමණක් පරීක්ෂා නොකර මිලදී ගැනීම් අවසන් කිරීමට කෘත්‍රිම බුද්ධියට අවසර දෙනු ඇත. ගෝලීය වශයෙන් 23% හා සසඳන විට, කෘත්‍රිම බුද්ධි සාප්පු සවාරි කාර්යයන් සියල්ල ප්‍රතික්ෂේප කළේ 5%ක් පමණි.
මීට අමතරව, ශ්‍රී ලාංකික සාප්පු සවාරි යන්නන්ගෙන් 40%ක් මිලදී ගැනීමට පෙර සාමාජික දීමනා සඳහා රැඳී සිටින අතර, සමීක්ෂණයට ලක් කළ සියලුම වෙළෙඳපොළවල් හරහා 40%ක් හා සසඳන විට, 13%ක් පමණක් ලෝයල්ටි පොයින්ට්ස් එකතු කර ගැනීම සඳහා සන්නාම යෙදුම් ප්‍රධාන වශයෙන් තබා ගනී.