හිටපු විභාග නිලධාරියාගේ පුතා තරග විභාගයකින් ප්‍රථමයා වීම ගැන රෝහිණී විජේරත්න මහත්මියගෙන් චෝදනා

නීතිපති දෙපාර්තමේන්තුව සඳහා පැවැති තරග විභාගයකදී මහා පරිමාණ අක්‍රමිකතා සිදුවී ඇති බවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය 2026 නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළාය.
දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් අපේක්ෂකයා විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ දරුවකු බව විජේරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ ඊට අදාළ රහස්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු අගෝස්තු 2 වැනිදා පැවැති විභාගයට ටික කලකට පෙර ජූලි 15 වැනිදා එම නිලධාරියා ඉල්ලා අස්වූ බවද ඇය සඳහන් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් විජේරත්න මහත්මිය ඉල්ලා සිටියාය.