නොවැම්බර් 13 වැනිදා අයවැයෙන් පසු සංවාද මණ්ඩපයට භාණ්ඩාගාර ලේකම් සහ විශේෂඥයෝ
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නොවැම්බර් 13 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන 13 වැනි වාර්ෂික අයවැයෙන් පසු සංවාද මණ්ඩපයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
ඩේලි එෆ්.ටී. පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සංවාද මණ්ඩපය, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව උපායමාර්ගික සහකරු ලෙසින් ප.ව. 1:30ට ආරම්භ වේ. ඩේලි එෆ්.ටී. පුවත්පතේ කර්තෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම් මහතා මණ්ඩපය මෙහෙයවනු ඇත.
මණ්ඩල සාමාජිකයන් අතර ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජෆර්ජී මහතා, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමල් තේවරාතන්ත්‍රි මහතා, සෙලින් සමූහයේ ප්‍රධාන වර්ධන නිලධාරිනී සෙලීනා පීරිස් මහත්මිය සහ ඒ. බාවර් ඇන්ඩ් කම්පැනි හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලේසර් මහතා ඇතුළත් වේ.