ජනාධිපතිවරයාගේ පැය පහක අයවැය කතාව ආචාර්ය හර්ෂ ද සිල්වා විවේචනය කරයි

ජනාධිපතිවරයාගේ පැය පහක අයවැය කතාවට සවන් දීම වෙනුවෙන් ශ්‍රාවකයන්ට තෑගි දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ආර්ථික පරිවර්තන පනතක් මගින් ආර්ථික පරිවර්තනය ගැන ලස්සනට කතා කිරීමට හා ලිවීමට හැකි වුවද, ආර්ථිකය පරිවර්තනය කිරීමේ සැබෑ ක්‍රමය නිසි ලෙස අවබෝධ කර ගත යුතු බවයි.