MICH 73 වැනි වාර්ෂික මීලාද් තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය වැල්ලවත්තේදී

මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවාසය (MICH) විසින් 73 වැනි වාර්ෂික මීලාද් තරග සැමරුම් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මෑතකදී වැල්ලවත්තෙහි පිහිටි ඒ.ඒ.එම්. මාලීන් ශාලාවේදී පවත්වන ලදී.
MICH සභාපති ඕමාර් කාමිල් මහතාගේ අනුග්‍රහය යටතේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, හිෆ්ල්, කථික, බහුමාධ්‍ය ඉදිරිපත් කිරීම් සහ අක්ෂර කලාව යන තරග සඳහා ජයග්‍රාහකයින් 67 දෙනෙකුට සම්මාන ප්‍රදානය කරන ලදී.
සිංහල කථික තරගයේ ජයග්‍රාහිකා එම්.එන්.එෆ්. නුෂා, ඉංග්‍රීසි කථික තරගයේ ජයග්‍රාහිකා ඥාණි අමීරා හමීඩ්, සහ දෙමළ කථික තරගයේ ජයග්‍රාහකයින් වන නෆීස් මුබාරක් සහ එම්.එස්. මයිමූනා යන අය නබි මුහම්මද් තුමාට ගෞරව දැක්වීම පිළිබඳව රැස්ව සිටි පිරිස ඇමතූහ.
MICH නිලධාරීන්, කාන්තා කාර්යාංශයේ සාමාජිකාවන්, අධ්‍යාපනඥයින්, සිසුන් සහ විනිසුරුවන් මෙම උත්සවයට සහභාගී වූ අතර, ආගමික කමිටු සභාපති එස්. මුහම්මද් ෂාසුලි මහතා ස්තූති කතාව පැවැත්වීය.