2016 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සත්‍ය මධ්‍යන්‍ය ගෘහ ආදායම පහත වැටී ඇති බව IPS ආයතනය අනාවරණය කරයි

ශ්‍රී ලංකාවේ සත්‍ය මධ්‍යන්‍ය ගෘහ ආදායම 2016 වසරේ රුපියල් 43,511 සිට 2025 වසරේදී රුපියල් 41,623 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Institute of Policy Studies of Sri Lanka) පර්යේෂණ සාමාජික ආචාර්ය පුලස්ති අමරසිංහ මහතා පවසයි.
නාමික ආදායම් වැඩිවීම් තිබියදීත් සාමාන්‍ය ගෘහ ඒකකයක තත්ත්වය අයහපත් වී ඇති බව අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ධනවත්ම ගෘහ ඒකකවලින් 20%ක් දැන් දුප්පත්ම ගෘහ ඒකකවලින් 20%ට වඩා 15 ගුණයකින් පමණ වැඩි ආදායමක් උපයන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.