බන්ධනාගාර ස්ථාන මාරු කිරීමට සහ අධිකරණ පහසුකම් වැඩිදියුණු කිරීමට අයවැය යෝජනා මගින් අරමුදල් වෙන් කෙරේ

කොළඹ බන්ධනාගාර සංකීර්ණයට අයත් වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර දැඩි තදබදයට විසඳුමක් ලෙස මිල්ලෑවට ගෙන යාමේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා 2027 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 300ක් වෙන් කර ඇත.
ගාල්ල බන්ධනාගාරය බූස්සට ගෙන යාම ආරම්භ කිරීම සඳහා තවත් රුපියල් මිලියන 500ක් යෝජනා කර ඇති අතර, මාතර බන්ධනාගාරය කොටවිලවත්තට ගෙන යාම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත.
රඳවා තබා ගැනීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා වාරියපොල සහ වටරැක බන්ධනාගාර පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇත.
මීට අමතරව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කළුතර, මහනුවර සහ කොළඹ අධිකරණ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5,115ක් යෝජනා කර ඇත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 60ක් යෝජනා කර ඇත.