ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධීවර සාකච්ඡා ජනවාරි 22 දා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ධීවර ආරවුල විසඳීම සඳහා 2027 ජනවාරි 22 වැනිදා නවදිල්ලියේදී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිවේදනය කළේය.
ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම යටතේ පැවැත්වෙන මෙම සාකච්ඡා 2024 අගභාගයේදී ශ්‍රී ලංකාවේ පැවති රැස්වීමකින් පසුව පැවැත්වේ. දෙමළනාඩු ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම, තහනම් ආම්පන්න භාවිතයෙන් පතුල සූරා ධීවර කටයුතු කිරීම සහ එමගින් සමුද්‍ර සම්පත්වලට හා දේශීය ධීවරයින්ගේ ජීවනෝපායන්ට සිදුවන හානිය ප්‍රධාන මාතෘකා අතර වේ.
ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය, NARA, නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත් වනු ඇත.