74 වැනි සාංචි මහාබෝධි උත්සවය නොවැම්බර් 28 වැනිදා

74 වැනි වාර්ෂික සාංචි මහාබෝධි උත්සවය නොවැම්බර් 28 සහ 29 යන දිනවල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි හිදී පැවැත්වීමට නියමිතය.
චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාට වන්දනාමාන කිරීම සඳහා ශ්‍රී ලංකාව, මියන්මාරය, සිංගප්පූරුව, වියට්නාමය සහ තායිලන්තය යන රටවල බෞද්ධ බැතිමතුන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් සියලු කටයුතු සූදානම් බව තහවුරු කළහ. අමුත්තන්ට සහාය වීම සඳහා ප්‍රථම වතාවට ස්කෑන් කළ හැකි සිතියමක් ස්ථාපනය කරන බව රයිසන් දිස්ත්‍රික් ලේකම් රෝහිත් සිස්සෝනියා මහතා නිවේදනය කළේය.
මෙම උත්සවයේදී ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල කලාකරුවන්ගේ ප්‍රසංග මෙන්ම ශ්‍රී ලංකාවේ කරුණාදාස ඔලබොඩුව සාම්ප්‍රදායික රංග කලා ඇකඩමියේ සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ සහ බෙර වාදකයන්ගේ ඉදිරිපත් කිරීම් ද ඇතුළත් වේ.