නීතිවිරෝධී දැල් 274ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ තහනම් ධීවර දැල් 274ක් සමඟ 48 හැවිරිදි සැකකරුවෙකු 2026 නොවැම්බර් 19 වන දින යාපනය නගර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානය යටතේ ක්‍රියාත්මක වන කාංචදේව නාවික ආයතනයට යාපනය නගරය ආසන්නයේ පිහිටි වාණිජ ආයතනයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම දියත් කර ඇත.
යාපනය පදිංචිකරුවා සහ අත්අඩංගුවට ගත් ධීවර දැල් වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී තිබේ.