2026 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 22.31ක අයවැය අතිරික්තයක්
ශ්‍රී ලංකාව 2026 වසරේ මුල් මාස නවය සඳහා සමස්ත අයවැය අතිරික්තයක් ලෙස රුපියල් බිලියන 22.31ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශකයේ දැක්වේ.
ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4,602ක් වූ අතර, වියදම් සහ ආපසු ගෙවීම් රුපියල් බිලියන 4,579ක් වූ බව රජයේ ණය කළමනාකරණ කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.
2025 වසරේ එම කාලය තුළ රජය රුපියල් බිලියන 441.42ක අයවැය හිඟයක් වාර්තා කළ අතර, ආදායම රුපියල් බිලියන 3,835ක් වූ අතර වියදම රුපියල් බිලියන 4,276ක් විය.