ආණ්ඩුවේ අයවැය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට විපක්ෂයෙන් oversight.lk වෙබ් අඩවියක්

ආණ්ඩුවේ පසුගිය අයවැය දෙකෙහි සහ ඉදිරි අයවැයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විමර්ශනය කරමින් පුරවැසියන් දැනුවත් කිරීම සඳහා විපක්ෂය විසින් oversight.lk නමින් නව වෙබ් අඩවියක් දියත් කර තිබේ.
මෙම වේදිකාව මගින් පසුගිය අයවැයවල ප්‍රගති වාර්තා, අමාත්‍යාංශ අනුව සවිස්තරාත්මක විශ්ලේෂණ, රාජ්‍ය ආයතන පිළිබඳ විගණන විමසුම් වාර්තා සහ රජයේ ආදායම් මාර්ග හා වියදම් පිළිබඳ දත්ත ඉදිරිපත් කෙරේ.
මෙම දියත් කිරීම ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 12 වැනිදාට නියමිතව තිබියදී, නොවැම්බර් 11 වැනිදා සිදු විය.